මේ මාසයෙ Microsoft වල සුපුරුදු “Patch Tuesday ගොනුව සමග වසර 19ක් තිස්සේ Windows සමග තිබූ දුරවලතාවයක් සදහා පිලිසකරයක් එවන්නට කටයුතු කර තිබිනි. මෙම පිලිසකරය Windows vista , 7 , 8 , 8.1 සදහා අදාලව නිකුත්කොට තිබුන මුත් XP සදහා අදාල වන ලෙසට නොවිනි. IBM හදාරන්නැක් විසින් විස්තරකර තිබූ මෙම දුර්වලතාවය driven-by attck අකාරයට එනම් පරිගණකයේ භාවිතාකරන්නාගේ කිසිදු මෙහෙයවීමකින් තොරව , ඒ අනූව ආසාධිත වෙබ් අඩවියක් වෙතට පිවිසීමෙන් පමනක් වුව, අදාල ආසාධනයන් ස්ථාපනය වන්නට ඉඩ සැලසෙන ආකාරයේ දුර්වලතාවයක් ලෙසට හැදින්විනි. එසේත් දැනට හෙලිව ඇති තොරතුරු අනූව පහර දෙන්නන් සදහා එම දුරවලතාවය නිරාවරනය වී නොපැවති බවටයි පිලිගැනෙන්නේ.
කෙසේ වෙතත් දැනට Microsoft සමාගමේ වගකීමේ කාලයෙන් පිටත ඇති XP සදහා මෙම යාවත්කාලීනය වලංගු නොවීමුත් තවමත් බහුලව භාවිතාවන එම සංස්කරනය සදාහා මෙම දුර්වලතාවය වලංගුවන අතර වනවා සේම මේ වන විට එම දුර්වලතාවය පිලිබදව තොරතුරු හෙලිව තීබීම එම භාවිතාකරන්නන් වෙතට නම් ගැටලුකාරී වීමේ වැඩි ඉඩක් වන බවටයි හදාරන්නන් පෙන්වා දෙමින් ඇත්තේ. ඔවුන් වැඩි දුරටත් පවසන්නේ ස්වංක්‍රීය යාවත්කාලීන යාන්ත්‍රනය තම මෙහෙයුම්පද්ධතිය තුල වලකා ඇත්නම් මැනුවල් ආකාරයට මෙම පිලිසකරය ලබා ගන්නට කටයුතු කිරීම වැදගත් වන බවයි.