Fitness Trackers යනු අතේ පැලඳුමක් ලෙසට විත් එහි වන සංවේධකයන් (Sensors) ඔස්සේ එම භාවිතාකරන්නාගේ heart rate , Calorie instake , stress level වැනි පමනක් නොව ඔබ නින්ද ලබන කාල ප්‍රමානය පවා හදාරමින් එම තොරතුරු සම්බන්ධිත Phoneය ට හෝ tablet වෙතට ගෙනෙන සහයකයෙකි. සැබවින්ම මේවාට ඔබ තබන ලද පියවර සංක්‍යාව මෙන්ම ඒ සමග දවන ලද Calories ප්‍රමානය කියවා දෙන්නට හැකිවනවා පමනක් නොව UV sensorයක් ඔස්සේ ඔබ එලිමහනේදී විවෘත වෙනු ලැබූ ultraviolet ප්‍රමානය පවා කියවා දෙන්නට සමත්වනු ඇත. ඇත්තෙන්ම ඒවාට දිනයේ ඔබ ලද sit-up ප්‍රමානය පවා කියවා දෙන්නට හැකි වීමට තරම් සංවේධී වීමේ හැකියාවකින් යුත්තය.
Microsoft සමාගම තම Health Band සඳුන්වා දෙමින් පැවසුවේ පලමු පියවරේදී හුදු තොරතුරු ‍රැස්කර දීමකට පමනක් මෙම සාහකයා දැනට කටයුතු කරන මුත් මීලග පියවරේදී ඔබගේ සිරුරේ තත්වය අනූව ව්‍යායාම ලබා ගත යුතු ප්‍රමානය මෙන්ම ‍තෝරා ගත යුතු ව්‍යායාම ස්වාභාවයන් පමනක් නොව රාත්‍රී නින්දේ වන “Restful Sleep” හා Light sleep අවධීන් හදාරමින් අවදිවිය යුතු වේලාව දක්වා සිටින්නට තරම් ඉදිරියට පැමිනෙනු ඇති බවය. විටක තවත් Health app සමග කටයුතු කරමින් ලබා ගන්න තොරතුරුද භාවිතාකරමින් “තවදුරටත් ඉදිරි විනාඩි 30ක ඇවිදීමේ කාලයක් ලබ ගනිමින් තවත් කැලරි 40ක් දවා ගන්නට හැකිවනු ඇත” වැනි යෝජනා ඔබ වෙතට ගෙනෙන්නට එය සමත්වනු ඇති බවය. සමස්තයක් ලෙසට පවසන්නේ නම් ඔබ සමග වන ඔබගේ මනා සෞක්‍ය සදහා වන සහයකයා වීමට එයට හැකි වනු ඇත