වර්ථමාන තොරතුරු අවකාශය භාවිතාකරන්නෙකුට remote desktop system මෘදුකාංගයක් වැදගත් වන අවස්ථා බොහොමයකි. දුරස්ථව හිඳ තම data, images, videos හා applications සමග කටයුතු කරන්නට වීමේදී මේ හා සමාන අනෙකුත් මෘදුකාංග සමග සැලකීමේදී මෙම AnyDesk මෘදුකාංගය කාර්යක්ශම බවින් වැඩි බවටයි පිලි ගැනෙන්නේ. භාවිතාකරන්නෙකුට CAD, video editing, office suite භාවිතාවන් සමග හෝරා ගනනක් වුවත් අපහසුවකින් තොරව කටයුතු කරන්නට හැකි වන්නේ මෘදුකාංගය නිර්මානය කිරීමේදීම multi-core CPUs සහය දැක්වෙන ආකාරයට වීම නිසා බවටයි දැක්වෙන්නේ. එසේම අනෙකුත් මේ හා සමාන මෘදුකාංග screen sharing හා remote desk­top applications වලදී භාවිතාකරන යල්පැන ගිය com­pression techniques (X11, RDP, VNC) වෙනු වට මෙම මෘදුකාංගය DeskRT තාක්ශනය ඔස්සේ වීම තවත් සැලකිය යුතු කාරනාවක් ලෙසට සැලකේ. ඔවුන් පවසනවා ඔබගේ desktop එක හා සමානව දුරස්ථව වන desktop එකක සමග මෙම මෘදුකාංගය සමග සම්බන්ද වීමට තප්පර කීපයක් පමනක් සැහීම වනු ඇති බවයි. පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන් මෙම මෘදුකාංගය පිලිබද වැඩි දුර තොරතුරු මෙන්ම එහි නවතම සංස්කරනය බාගත කර ගැනීමේ අවස්ථාව ලැබෙනු ඇත.

http://anydesk.com/remote-desktop