Bitdefender ආයතනය පසුගියදා වාර්ථා කර සිටියේ UK වල පමනක් පරිගණක 130,000 පමනක් Rovnix Trojan යෙන් ආසාධිතව පවතින බවය. Spam Emails ඔස්සේ පැතිරෙමින් ඇති මෙම හානිකරය තවමත් ප්‍රබල මට්ටමක පවතින බවය. ඔවුන් පවසනවා මෙම Rovnix වල නවතම සංස්කරන වලට Encrypted මට්ටමින් හුවමාරුවන තොරතුරු ඔස්සේ නයවර පත් අංක, වැනි පෞද්ගලික මට්ටමේ තොරතුරු පැහැදිලි කර ගැනීමෙ හැකියාව පවතින බවයි. එම ආරක්ශම මෘදුකාංග සමාගම පවසන්නේ මෙම හානිකරයට තව බොහෝ කලක් ආරක්ශක මෘදුකංග සමග සාර්ථකව ක්‍රීඩා කිරීමේ හැකියාව පවතින බවකි. පැතිරීමෙන් 87%ක් පමනම බ්‍රිතාන්‍ය පරිගනක වලට සීම වී ඇති මෙම හානිකරය එරට ඉලක්ක කර ගනිමින් තිබෙන හානිකරයක් ලෙසට සැක කරන මෙම ආයතනය ඉරාකය , ඉතලිය හා ඇමරිකාව තුලද දක්නට ලැබෙන හානිකරයක් ලෙසට විස්තර කර සිටී. සංවේධී මට්ටමේ තොරතුරු පැහැර ගැනීමට අමතරව Blue Screen Death ගැටලුව පරිගණක වෙතට ගෙන එන්නට මෙන්ම අනවශ්‍ය Pop-up ඩෙස්ක් ටොප් එක වෙතට ගෙනෙන්නට හා ව්‍යාජ ආරක්ශක මෘදුකාග ලෙසට හැසිවෙමින් ඇතිවී තිබෙන ආසාධිත තත්වය සමනය කරන්නට Payments ඉල්ලා සිටීම වැනි ක්‍රියාකාර කම් වල නිරතවන බවට පැහැදිලි කරනවා. මෙම ආසාධිත බවින් ගැලවී සිටින්නට නම් තමන් වෙතටව් පැමිනෙන E-Mails පිලිබදව අවධනයෙන් සිටින්නටත් Spam ආකාරයේ පැමිනීම් විවෘත නොකරන්නටත් වග බලා ගන්නාලෙසට ඔවුන් උපදෙස් දෙනවා. දැනටමත් මෙම ආසාධිතයෙන් හානියට පත්ව ඇති පරිගණක සදහ පහත දැක්වෙන ටූලය භාවිතාකරන ලෙසටයි උපදෙස් ලැබෙන්නේ.