Advanced Mobile Locations(AML) තාක්ශනය ඔස්සේ හදිසි උපකාර ඉල්ලා එම මධ්‍යස්ථානවලට පැමිනෙන දුරකථන ඇමතුම් සදහා වඩාත් පහසුවක් ගෙනෙනු ඇති බවට පැවසෙනවා. HTC, BT, EE යන ආයතන කිහිපයක දායකත්වයෙන් නිර්මානය වන මෙම තාක්ශනය ඔස්සේ දුරකථන ඇමතුම් දුන් ස්ථානය හදුනා ගන්නට අවශ්‍ය සහය ස්වක්‍රීයව TEXT අකාරයට නිකුත්වීම සිදුවන බවටයි පැහැදිලි කෙරෙන්නේ. භාවිතාකරන්නා හදිස්සි උපකාර ඉල්ලා ඇමතුමක් ලබාගන්න උත්සාහ කරනවාත් සමගම දුරකථනයේ GPS Radio ස්වංක්‍රීයව විවෘතව තප්පර 18ක් තුල මෙම තොරතුරු යැවෙන බවට හා එය සම්පූනයෙන්ම භාවිතකරන්නාගේ මැදිහත්වීමකින් තොරව සිදුවන බවටත් පැවසෙනවා. බ්‍රිතාන්‍ය BT ආයතනය පවසන්නේ තමන් වෙතට වාර්ෂිකව අත්‍යවශ්‍ය හදිසි උපකාර ඉල්ලන මට්ටමේ දුරකථන ඇමතුම් ආසන්නව 36000ක් පමන ලැබෙන අතර එම ඇමතුම් ලබා දුන් ස්ථානය නිර්නය කර ගැනීමට විනාඩි 30කට ආසන්නව පවා ගත වන බවයි. එසේම ඔවුන් පැහැදිලි කරන්නේ වාර්ෂිකව පැමිනෙන හදිස්සි උපකාර පතන දුරකථන ඇමතුම් 330000කින් සමහර ඇමතුම් කරුවන්ට ආයතනයේ දුරකථන ඇමතුම් ලබන්නාව අමතන්නට පවා නොහැකි වන අවස්ථාවන බවයි. එසේම දැනට භාවිතාවන දුරකථන ඇමතුම් දුන් දුරකථනය වන ස්ථානය නිර්නය කිරීමේ තාක්ශනයට ආසන්නව කිලෝ මීටර කිහිපයක දක්වා අපැහැදිලි නිර්නයන්ට පැමිනෙන්නට වනන් මුත් මෙම නව තාක්ශනය යටතේ Football ක්‍රීඩා පිටියකින් අඩ ප්‍රමානයකට ආසන්නව එම ස්ථානය නිර්නය කිරීමේ හැකියාව පවතින බවටයි හෙලි වන්නේ.