අතීතයේ පක්ෂියෙකුගේ පාදයේ ගැට ගසා පනිවිඩ යවන යුගයක්ද තිබිනි. අද ලෝකයේ ඕනෑම කෙරවලකට ක්ශනිකව තමන් අතවන කුඩා උපකරනයක් ඔස්සේ පනිවිඩයක් යවන්නට පමනක් නොව සජීවීව අමතන්නට හැකිවීම සාමාන්‍ය භාවිතාවකි. සරල මිලකට සරල දැනුමක් සමග කරන්නට හැකි භාවිතාවකි. නිවෙස ස්වංක්‍රීය වීම මේ වන විට අධික වැයක් පිලිබද ප්‍රශ්නයක් පමනකි. ගමනා ගමනය ස්වංක්‍රීය වීම අත්හදා බලමින් නිවැරදි කර ගැනීමට ඇති දියුනු කිරීමකි. කාර්යාලය තවදුරටත් නගර මධ්‍යයේ වන විශාල ගොඩ නැගිල්ල තුලද ඔබේ නිවසේ විසිත්ත කාමරයේ මේසය මතද නැතිනම් ඔබගේ පෞද්ගලික රථයේ අසුන මත සිටින ඔබගේ උකුල මත ‍රැදී ඇති උපාංගයක් මතද යන්න ඔබ විසින් තීර්නය කරන කාරනාවක් පමනකි. මෙපමනකුදු නොව විසල් මාධ්‍ය ආයතනයන් ගේ පාලනය අවසන් කරමින් සිදුවීම් වලට මුහුන දෙන්නාම සිදුවීම් වාර්ථා කරන ලෝකය පැමින ඇත. වෙළඳ පොල වෙතින් ඔබ Online ඇනයුම් කරන දෑ ‍රැගෙන නිවසේ ප්‍රධාන දොර‍ටුව වෙතටම එන droneය අවසන් අදියරේ සැලසුම් වෙමින් ඇත. මේ අපූරු ලෝකය නිර්මනය වී හෝ නිර්මානය වන්නට අවසන් අදියරේ පවතින මුත් ඔබ?