එලබෙන ජනවාරියේ සිට බ්‍රිතාන්‍ය නගර හතරකදී self-driving cars සදහා දීර්ග කාලීන හැදෑරීමක් අරබන්නට සැලසුම්ව ඇති බවටයි නිවේදනය වන්නේ. කාර්යබහුල නගරයකදී මෙම රියදුරන් රහිත වාහන භාවිතාවේ ඇති හැකියාවන් , වාසීන් වැනි පුලුල් පරාසයක පැතිරුනු තත්වයන් පිලිබදව තොරතුරු ‍රැස්කිරීමට මෙම හැදෑරීම යොදාගන්නට ඔවුන් සැලසුම් කොට තිබෙනවා. එම නගර වල traffic අවම කරන්නට මෙම භවිතාවන් කෙසේ සහය වනවාද යාන්න මෙන්ම road safety වලදී මෙම නවීන තාක්ශන මැදිහත්වීම කෙසේ සහය වන්නේද වැනි හැදෑරීම් ඔස්සේ අනාගතයේ මෙම තාක්ශනය මාවත් වලට පැමිනීම පිලිබදව පිලිබදව තීරනාත්මක වනුඇති බවටයි පැවසෙන්නේ. වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නේ මෙම විෂයට අදාල ආයතනයන් කිහිපයක් එනම් government consultancy agencies, car manufacturers මෙන්ම insurance companies ආදිය සහභාගීත්වයෙන් මෙන්ම ඔවුනට වැදගත් වන දත්ත ‍රැස්කරගන්නට සහය වන මෙම ව්‍යාපෘතිය වෙතට සහය දක්වනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. තෙවසරක් පුරාවට නියමිතව ඇති මෙම ව්‍යාපෘතිය අවසානයේ එලබෙන තොරතුරු ප්‍රසිද්ධ කරන්නට සැලසුම්ව ඇති බවටයි වැඩි දුරටත් නිවේදනය වන්නේ.