Microsoft සමාගම තම Office මෘදුකාංග පෙලෙහි මීලග desktop PC සංස්කරනය Office 2016 වන බවට මේවන විට ප්‍රකශයට පත්කොට තිබෙනවා. දැනටමත් ආයතනය අභ්‍යන්තරිකව මෙම සංස්කරනය අත්හදා බැලෙමින් ඇති අතර මෙම වසර අවසන් භාගයේ එහි නිකුතුවක් පැමිනෙනු ඇති බවට බලාපොරොත්තු පලවෙමින් තිබෙනවා. බොහෝ විට එය Windows 10 වෙළඳ නිකුතුවට සමාන්තරව සිදුවනු ඇති බවට බලාපොරොත්තු වනවා. නව අංග කිහිපයකීන් මෙන්ම දියුනු කිරීම් කිහිපයකින්ම එය සමන්විත වනු ඇති බවටයි තොරතුරු හෙලිව ඇත්තේ. එම ආයතනය දැනටමත් ස්පර්ශකතිර මිත්‍ර Office apps නිකුතුවක් පැහැදිලි කර ඇති අතර ඒ අතර Android, iOS සහය සංස්කරනයන්ද වුවා. ලොව පුරා භාවිතාකරන්නන් අතර විශාල භාවිතාවක් ලබන ඔවුනගේ ලිපිකටයුතු creating, editing හා sharing වලදී මැදිහත්වන මෙම ප්‍රකට Microsoft නිකුතුව පිලිබදව දැඩි අවධානයක් පවතිනවා.