Windows 10 පෙර පරිදි තවත් මෙහෙයුම් පද්ධති සංස්කරනයක් ලෙසටම පමනක් ගැනිය නොහැකි හැරවුම් කිහිපයක් ‍රැගෙන විත් ඇත. පලමු කොටම උපාංග විවිධත්වය භාවිතාවට බාදාවක් නොවීමේ නව ප්‍රවනතාවය එය සැහෙන දුරකට සමනය කරන්නට සමත්ව ඇත. එය පැහැදිලීවම multi-platform OS බව කියාපාමීන් සිටියි(PC, smartphone/tablet) . තවත් අතකින් Microsoft නව අනන්‍යතාවය ලෙසට ප්‍රකාශ වන products and services ස්වභාවය ප්‍රකට කරමින් සිටී. ප්‍රධාන ලෙසට මෘදුකාංග සමාගමක් ලෙසට වූ අනන්‍යතාවය අවසන් කරමින් Windows 7, 8, හා 8.1. වෙතට නොමිළේ පිවිසෙන්නට ඉඩ හරිමින් තම තරගකරුවන් වෙතට යලිත් තරගයක් ගෙනෙන්නට කටයුතු කරමින් සිටී. එසේම Continuum, Cortana, Universal Apps, Project Spartan(නව බ්‍රවුසරය), Xbox app(වැඩි දියුනු කල) වැනි පැමිනීම් ඔස්සේ වඩාත් පුලුල් භාවිතාවක් ලබා දෙන්නට තමන් සූදානම් බව කියා පාමින් සිටී.
වර්ථමාන භාවිතාව ඉල්ලා සිටින වෙළඳ හා තාක්ශනික දෘඩාංග සීමා ඉක්මවා යාමේ අවශ්‍යතාවය වෙතට නව මෙහෙයුම් පද්ධතිය සමග වඩාත් සාර්ථක පිවිසීමක් කර ඇති බවට පැහැදිලි වන අතර මෙම නව පැමිනීම Xbox One දක්වාම පැතිර යන පුලුල් අවකාශයක් ආවරනය කරමින් සිටීම වඩාත් පහසුවෙන් භාවිතාකරන්නාගේ තොරතුරු අවකාශ භාවිතාවක් ලබ දෙනු ඇත. තොරතුරු ලෝකයේ නව යුගය වඩාත් පැහැදිලි පුලුල් මෙන්ම සරල එකක් වනු ඇති බවට මනා තහවුරුවක් Windows 10 පෙන්වා දෙමින් සිටී. එසේම DirectX වල නව සංස්කරනය සමග වෙගවත් ,නම්‍ය මෙන්ම කාර්යක්ශම games භාවිතාවක් එය ගෙනැවිත් ඇති බවට පවසමින් සිටී. සාමාන්‍ය භාවිතාකරන්නන් සදහා වන සංස්කරනයක් new build of Windows 10 ලෙසට එලබෙන සතියේ පැමිනෙන්නට නියමිත බවටයි ප්‍රකාශ වන්නේ.