Israeli cyber-intelligence firm KELA පවසන්නේ අඩුම තරමින් email ගිනුම් 225,000ක් වත් underground markets වල විකිනීමට තිබෙනවා විය යුතු බවයි. මේ වන විට corporate මට්ටමේ email addresses එකක් මිළ $2 තරම් අඩු මට්ටමක තරගකාරී ස්වභාවයක් ගෙන ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ ප්‍රධාන පෙලේ webmail shops වලදී $2 – $30 අතර පරා සයක් ගන්නා බවයි. මෙම accounts පැහැර ගැනීම සදහා password cracking (brute-forcing) / credential stuffing, phishin වැනි නෙජ ක්‍රම භාවිතා වන අතර ප්‍රධාන පෙලේ ආයතනයන් රාශියක් ඉලක්ක වී හෝ ඉලක්ක වන්නට නොනවතින උත්සාහයක තිබෙන බවකි. මෙම නීති විරෝධී අලවිය සදහා වන ලිපින පිලිබඳව live checkආකාරයේ proofs ද සමග තබන්නට ඔවුන් කටයුතු කරන බවද කියවෙනවා.එසේම මේවා අතර Office 365 accounts මෙන්ම cPanel, GoDaddy, Ionos වැනි hosting providers\වෙතට පිවිසෙන්නට හැකියාව සහිත ඒවාද වන බවට පැහැදිලි කෙරෙනවා. මෙම වෙබ් අඩවි masking system ආකාරවලට සැගව ඇති අතර sellers ලා සපුරා එති ඉලක්ක මට්ටම් පවා පැහැදිලි කරන තොරතුරු පවා පලකර සිටින්නට කටයුතු කරනවා.එසේම මෙසේ නීති විරෝධී අලවියට වන ලිපින පැහැරගත් ආකාරය අනූව categories වලට බෙදා “hacked”, “cracked”, “logs”, “created ආකාරවලින් දක්වන්නට තරම් ඔවුන් කටයුතු කරමින් සිටින බවටයි වාර්ථාවන්නේ.
Pubudu Siriwansa