Windows 11 සමග එන්නට නියමිත අංග අතර auto color management අංගය මේ වන විට අවධානයට ලක්ව තිබෙන්නක්. තවමත් Windows 11 Dev build සංස්කරන වල වන මෙම අංගය සදහා compatible monitors වන්නේ 10-16 bit color precision සහිත උපාංග වුවද 8-bit colors මට්ටමේදීද පලදායි සහයක් ගෙනෙන බවටයි හදාරන්නන් පෙන්වා දෙන්නේ. Settings > System > Display > Advanced Display ඔස්සේ පිවිසිය හැකි මෙම අංගය Windows 11 build 25262 සංස්කරනයේදීද තෙවන පාර්ශවයේ Tool එකක් හරහා force-enabling කල හැකි මුත් එය එතරම් හිතකර නොවන උත්සාහයක් බවටයි පෙන්වා දෙන්නේ. පැමිනෙන්නට නියමිත මෙම auto color management ඔස්සේ භාවිතාකරන්නෙකුට වඩාත් අපූරු දෘශ්‍ය අත්දැකීමක් ගෙනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
Pubudu Siriwansa