Web අවකාශය නිර්මාණය වන්නේ නිදහසේ , පහසුවෙන් තොරතුරු ගලා යාම ඉලක්ක කර ගෙනය. කේන්ද්‍රීය නොවන එම නිදහස් අවකාශය වඩාත් සංකීර්න දෛනික ජීවිතයට මෙතරම් වැදගත් වීම එම නිර්මානයේ මූලික සැකසුම් වන දිනයේදී එහි නිර්මාතෲ වරුන් සිහිනයකින් වත් නොසිතන්නට ඇත. තත්වය වෙනස් වන්නේ සිහිනයකින් වත් නොසිතූ ලෙසට පමනක්ම නොව විදුලි වේගයකින් වීමද සැලකීමට වැදගත්ය. මේ වන විට භාවිතාකරන්නාගේ පෞද්ගලික ජීවිතය , සමාජ ජීවිතය , වෘතීය ජීවිතය වැනි සියලුම ජීවිත වපසරියන් ඔස්සේ වෙබ් අඩකාශය ඔවුනගේ ජීවිත අද්දරට නොසැලකිය නොහැකි ලෙසට පැමින ඇත. හුදු වදන් සැකසුමක් වැනි භාවිතාවක සිට බැංකු කටයුතු , වෘතීය කටයුතු වැනි සංකීර්න භාවිතාවන් දෙසට චලනය වෙමින් ඔවුනට වඩාත් සුවපහසු ජීවිතයක් ගෙනෙද්දී තොරතුරු සොරා ගන්නන් , හානිකරන්නන් වැනි ආකාරයක් ගත් භාවිතාකරන්නන් වෙබ් අවකාශය තුලට පැමිනීම බහුල වෙමින් ඇත. “ඔවුන් අතර ආර්ථික ඉලක්ක වලින් මෙහෙයවන පිරිස් වාගේම සමාජීය දෙසට වන වෛරීය ස්වභාවයක් ගත් මානසිකතයක් ගත් පිරිසගෙන්ද සමන්විත වනු අදැකිය හැක.” හදාරන්නන් පවසති. “ඔබගේ අසල් වැසි නිවසකට අනවසරයෙන් එබී බැලීම නොකලයුත්තක් සේ සැලකීම මෙන්ම එසේ එබී බලන්නන් වෙතට සමාජයෙන් වන අඩු සැලකීම වන්නක් තවමත් මේ භාවිතාවක කරන අයවලුන් දෙසට නොවීමද තීරනාත්මක කාරනාවකි” ඔවුන් යෝජනා කරති.