ඔබ කිනම් ආකාරයක තොරතුරු තාක්ෂණය භාවිතාකරන්නෙකු වුවද ඔබගේ පරිගණකයේ හෝ උපාංගයේ අනිවාර්යෙන් විය යුතු මෘදුකාංග කිහිපයක් ඇත. Skype යනු මේවා අතර අනිවාර්යයෙන් සදහන් වන මෘදුකාංගයක් වන්නේ ලොව පුරා කොතැනක විසිරී සිටින අයෙකු සමග උවද පහසුවෙන් මෙන්ම නොමිළේ සංවාදයකට ,Text කිරීමකට , ගොනු හුවමාරුවකට වැනි බොහෝ කටයුතු වලට සූදානමින් සිටින මෘදුකාංගයක් ලෙසට Skype පිලි ගැනෙන බැවිනි. එපමනක් නොව සරල ගෙවීමක් ඔස්සේ දුරකථනවලට කෙලින්ම ඇමතුම් ගැනීමේ හැකියාව එය ගෙනෙන අතර කංඩායම් සංවාද සදහාද එය අවකාශ සලසා දෙන්නකි. තමන්ගේ Email ගිනුමක් පමනක් භාවිතාකරමින් භාවිතාකරන්නාගේ නාමයක් හා අවසර පදයක් ඔස්සේ ගිනුමක් අරබා භාවිතයට පිවිසිය හැකි මෙම සේවාව ඔස්සේ ලොවපුරා භාවිතාකරන්නන මිලියන සියගනනක් ප්‍රයෝජන ලබමින් සිටින බවටයි තොරතුරු පවසන්නේ. එසේම එම බහුල භවිතාව නිසාම පහර දෙන්නන්ගේද වඩාත් අවධානය දිනා ගන්නා මෘදුකාංගයක් ලෙසට පිලිගැනෙන මෙම මෘදුකාංගයේ වඩාත් නවීනතම සංස්කරනය නිතරම තම පරිගණකයේ භාවිතාවීම වැදගත් වීමද නොසලකා නොහැරිය යුත්තකි.

http://download.skype.com/dd61aa2b3cba0b28559b2193013b17d8/SkypeSetupFull.exe

http://portableapps.com/apps/internet/skype_portable

http://www.skype.com/go/getskype-macosx.dmg