Facebook වල Artificial Intelligence Research lab හි විධායකයෙකු පවසා සිටිනු ලැබුවේ ඉදිරියේදී තම selfies ඔස්සේ භාවිතාකරන්නෙකු තම ගිනුමට නංවනු ලබන දෑ පිලිබදව අවධානයෙන් සිටින intelligent digital assistant හැකියවක් තමන් අත්හදා බලමින් සිටින බවකි. භාවිතාකරන්නා අදාල නැංවීම පිලිබදව සම්පූර්න අවධානයෙන් සිටීද යන්න විමසන “UH, THIS IS BEING POSTED PUBLICLY. ARE YOU SURE YOU WANT YOUR BOSS AND YOUR MOTHER TO SEE THIS? වැනි විමසීම් ඔස්සේ නැවත අවදානයට යොමු කිරීමක් සිදුවනු ඇති බවටයි ඔහු පැහැදිලි කර සිටියේ. ‘AI-complete problem’ ලෙසට නම් කල මෙම අංගය ඔස්සේ භාවිතාකරන්නා මෙන්ම අනෙකුත් පාර්ශවයන් පසුව අපහසුවට පත්වීම පාලනය කරන්නට හැකි වනු ඇති බවටයි බලාපොරොත්තුව පල කරනු ලැබුවේ.
ලොව විශාලතම භාවිතාවක් ලබන Facebook අඩවිය සමග කටයුතු කිරීමේදී වඩාත් කල්පනාකාරී වීමේ වැදගත් කම බොහෝ අවස්ථාවලදී අවධානයට ලක්වූ අතර සාදයකදී මත්පැන් පානය වැනි කටයුත්තකින් පසුව බාවිතාකරන්නෙකු අතින් සිදුවිය හැකි පසුව අපහසුතාවය කැදවන ක්‍රියාවන්ගෙන් වලකාලීම මෙවැනි අංග ඔස්සේ වැලකීම එම සේවාව වෙතට ඇති විස්වාසය වඩාත් වඩවන්නක් වනු ඇති බවටයි විචාරනය වන්නේ.