එලබෙන අගෝස්තු 25 වන විට Windows 95 නිකුත්ව වසර 20ක් සපිරෙනු ඇත. බොහෝ විට Windows 10 පැමිනීම මෙම වකවානුවේ සුදු වන්නට ඉඩ ඇති බවටයි මේ වන විට බලාපොරොත්තුව වෙමින් ඇත්තේ. ජූනි පමන වන විට මෙහෙයුම් පද්ධතියේ developer preview පැමිනීමත් සමග මෙම මෙහෙයුම් පද්ධතිය හා භාවිතාකරන්නා අතර වන හැදෑරුම් කාලය අවසන් වීම දැනට වන සැලසුම ලෙසටයි දක්නට ලැබෙන්නේ. ආයතනය දෙසින් Windows 10 පිලිබදව වඩාත් පූර්න පැහැදිලි කිරීමක් BUILD 2015 වලදී බලාපොරොත්තුවිය හැකි බවටයි මෙම තොරතුරු පැහැදිලි කර සිටින්නේ. වසරේ අප්‍රේල් කාලයේ පැවත්වීමට නියමිත මෙම developer event ආයතනයේ ප්‍රධානතම හමුවක් වනවා.
Windows 10 වඩාත් සමබර භාවිතාකරන්නන්ගේ සිත් දිනා ගන්නා මෙහෙයුම් පද්ධතියක් බවට පත්වන්නට බෙහෙවින් ඉඩ ඇති බවට බලාපොරොත්තු පලවෙමින් ඇති අතර windows 8 නිකුතුව සමග සිදුවූ ඩෙස්ක්ටොප් මග හැරෙන ස්වභාවය සමනය වන මෙන්ම මොබයිල් ප්‍රවනතාවයන්ද (Cortana වැනි) කැටිව එන මෙහෙයුම් පද්ධතියක් වනු ඇති බවට දැටටමත් එහි නිකුත්ව ඇති පෙර සංස්කරන සලකුනු පහල කරමින් ඇති බවටයි පිලිගැනිම්ම වන්නේ.