හානිකර ආසාධිත බව බව තොරතුරු ලෝකයේදී නිරන්තරයෙන් ඔබව ලුහුබඳින්නකි. තොරතුරු භාවිතාව නිරන්තරයෙන් ගෙනෙන පහසුබව, වේගවත් බව මෙන්ම හානිකර සදහා විවෘත බව නිරන්තරයෙන් බලාපොරොත්තු විය යුත්තකි. ආරක්ශිත බව සදහා නිරන්තරයෙන් ලැබෙන උපදෙස් අතර උපාංගය හැකි උපරිමයෙන් දෘඩාංග මට්ටමේ සිටම යාවත්කාලීනව තබා ගැනීම අද වන විට කැපී පෙනෙන උපදෙසකි. විශේෂයෙන්ම මෘදුකාංග මට්ටමේදී එනම් මෙහෙයුම් පද්ධතියේ සිටම ඉහලට මෙන්ම පහලට BIOS, DRIVERS වැනි ලෙයරයන් දක්වාම මෙම සැලකිල්ල වැදගත් වනු ඇත. apps හෝ applications මීලග අදියර ව නු ඇත. අදාල apps stores වලින්ම එවා ලබා ගන්නටත් යාවත්කාලීනව තබා ගන්නටතපට වගකීමක් වනවා සේම එම apps සදහා අප ලබා දෙන permission ගැන පවා සැලකිලිමත් වන්නට අද වන විට ලැබෙන බහුල උපදෙසකි. විටක මෙහෙයුම් පද්ධති ඉඩ නොදෙන මෘදුකාංග ධාවනයට බලහත්කාර අවස්ථාවක් (jail·break) පි‍ටුපසින් ඔබ නොසිතම හානිකර අවස්ථා විවෘත වන්නට හැකිබව අමතක නොකල යූතුය.
Pubudu Siriwansa