අවසර පදය ඔබම වීමේ යුගය වෙතට අප පැමිනෙමින් තිබෙනවා. තව දුරටත් සංක්‍යා, අක්ෂර සමග සංකේථ මුසුකරමින් නිර්මාණය කරන අවසර මත යැපීම දවසින් දවස තීරනත්මක වෙමින් ඇති අතර මේවා බාහිර පාර්ශව විසින් නැවත සොයා ගැනීමට සහය වන යාන්ත්‍රන පහසු වෙමින් තිබෙන වටපිටාවක ලොව පුරා බොහෝ ආයතනයන් මීට වසර කිහිපකට පෙර වැඩි අවධානයක් යොමුකල විකල්ප අනන්‍යතා තහවුරු ක්‍රම වෙතට මේ වන විට ප්‍රායෝගිකව පැමිනෙමින් තිබීම තහවුරු කරමින් තිබෙනවා. එක් දෙසකින් හදාරන්නන් පැහැදිලි කරන්නේ සැලකිය යුතු පිරිසක් තවමත් “123456” වැනි සරල අවසර පද මත යැපෙමින් සිටීමත්, සංකීර්න අවසර පද අමතක වීමෙන් ගැටළුකාරී වීමත් වැනි තත්වටය් සමග සැලකීමේදී ජීවවිද්‍යාත්මක (biometric) අකාරයේ අවසර ක්‍රම මෙන්ම දෙවන උපාංගයක් ඔස්සේ තහවුරුකරගැනීමේ ක්‍රම වේදයන් එලබෙන යුගයේදී ප්‍රමුක භවිතාව බවට පැමිනෙමින් තිබෙනවා, “password-free world” ගැන වන දෙබසක් ලෙසට පැමිනෙමින් ඇති මෙම සංවාදයේදී ඇගිලි සලකුනු, ඇසේ ස්වභාවයන්, කටහඬ වැනි වඩාත් ප්‍රායෝගික අනන්‍යතා මත යැපීම වෙගයෙන් දියුනු කෙරෙමින් පවතින අතර මයික්‍රසොෆ්ට්, ගූගල්, ඇපල් ප්‍රමුක බොහෝ ආයතනය විසින් තම ඉදිරි නිකුතූන් වලදී මේවාට ප්‍රමුකස්ථානයක් දීමට මේ වන විටත් කටයුතු කරමින් සිටිනවා.
Pubudu Siriwansa