තොරතුරු තාක්ෂන ලෝකයේ 2018 වසර සඳහන් වනු ඇත්තේ වඩාත් artificial intelligence සමග වඩාත් මිත්‍ර වන වසරක් ලෙසට පෙර නිගමනයකට පහසුවෙන් පැමිනිය හැක. සරල මෙහෙයුම් පද්ධති සමග පවා මේ වන විට සැලකිය යුතු පැමිනීමක් සටහන් කර ඇති නව යුගය දෛනික ජීවිතය මෙන්ම, සෞක්‍ය ජීවිතයේදී පමනක් නොව වෘතීය ජීවිතයේදී පවා 2018 තුලදී කැපී පෙනෙන අත්පත්කර ගැනීම් ලබ ගන්නට සුදානමින් සිටී. වඩ වඩාත් ඔබව දත්ත ගත වීම, වඩාත් පුලුල්ව ක්ලවුඩ් ලෙසට විශාලව දත්ත ගබඩා වීම මෙන්ම මැෂීන් ලර්නින් අකාරවලට මෙවා වේගවත්ම මෙන්ම බහුලව හා අඩු වියදම් ලෙසට සැකසෙන්නට හැකිවීම මෙම පොලා පැනීම් වල කේද්‍රීය සාධක වනු ඇත. මදක් වෙනස් කෝනයකින් පවසන්නේ නම් ඔබේ දත්ත උපාංග, ජීවිතය මත වඩාත් තීරනාත්මක මැදිහත් උපාංගයක් බවට පත්වන්නට හැකිවනු ඇත.
ජීව විද්‍යාත්මක හා තෙවන උපාංග ආකාරයේ මැදිහත් වීම් සමග නිර්මාණය වන ආරක්ෂිත බවක් , උපාංග හා මෙහෙයුම් පද්ධතිවලින් නිදහස් වන භාවිතාවන්, හුදු දත්ත ගබඩා කර ගන්නා අනන්‍යතාවයක සිට වඩ වඩාත් සැකසෙමින් වැඩි ප්‍රායෝගික මැදිහත් වීම් කරන අනන්‍යතා දක්වාත් එලබෙන වසරේ තොරතුරු තාක්ෂන මැදිහත් වීම් සිදුවනු ඇති අතර දේශපාලන මෙන්ම සංස්කෘතික සංහිඳියවන් සදහා වන මැදිහත් වීම සදහාද සූදානම් බව අගවමින් සිටී.දැනටමත් භාෂා පරතරයන් සදහා සාර්ථකව මැදිහත් වීම අරම්භව ඇති අතර වේගයෙන් දියුනු වෙමින් ඇති නිශ්චල මෙන්ම චංචල රටා ස්වාධීනව හඳුනා ගැනීමේ හැකියාවේ ලබමින් තිබෙන වෙගවත් දියුනුව වඩාත් පුලුල් ලෝක ව්‍යාප්ත සංස්කෘතික අනන්‍යතාවයක් සදහා යෝජනා ගෙනෙනු ඇති බව බලාපොරොත්තු තැබිය හැකිය.
Pubudu Siriwansa