sgnl වෙතින් ප්‍රථම BCU (Body Conduction Unit) නිකුතුවට මේ වන විට දින නියමව තිබෙනවා. ඒ 2018 මාර්තු මස ආසන්නයටයි. wearable tech වෙතට නව ප්‍රබෝදයක් ගෙනෙනු ඇති බවට බලාපොරොත්තු වන මෙම නිකුතුවේදී භාවිතාකරන්නා හට තම ඇගිලි තුඩුවක් තම කන අසන්නයට ස්පර්ෂ කිරීම ඔස්සේ ඇමතුම් ලබා ගන්නට හැකි අතර උපාංගය තම vibrations භාවිතාකරන්නගේ bones ඔස්සේ යැවෙන අතර fingertip වලදී ශබ්දය බවට පෙරලෙන බවටයි පැහැදිලි කෙරෙන්නේ. තවද fitness tracker, sleep monitor, pedometer වැනි හැකියාවන් කිහිපයකින් සමන්විතව පැමිනෙන මෙම නිකුතුව සමග එන built in microphone එක ඔස්සේ ඇමතුම් ලබා ගත හැකි අතර දැනට අංක පහක් දක්වා තම දුරකථනය භාවිතාවෙන් තොරව කෙලින්ම මෙම උපාංගය ඔස්සේ ඇමතුම් ගැනීමට භාවිතා කල හැකි වනවා. iOS හා Android සමග සහයෝගයෙන් කටයුතු කරන්නට සූදානම් මෙහි බැටරි බලය සැලකිමේදී පැය 4ක ඇමතුම් කාලයක් හෝ දින හතරක සුදානම් කාලයක් සමග පැමිනුනෙ ඇති.
Pubudu Siriwansa