Google ආයතනය මේ වන විට තම YouTube වල online gaming හැකියාවක් පිලිබඳව අභ්‍යන්තරිකව හදාරමින් සිටින බවටයි වාර්ථා වන්නේ. මේ වන විටත් Google වල සේවක මහතුන් අතර ආරාධිත email එකක් නිකුත්ව ඇති බවට පැවසෙනවා. මෙහිදී YouTube web හා mobile apps යන අවකාශ දෙකේදීම games සදහා අවකාශ ලැබෙන බවටයි පැහැදිලි කෙරෙන්නේ. වැඩි දුරටත් පැවසෙන්නේ මෙම online gaming හැකියාව youtube ඔස්සේ වැඩි ලාබයක් උපයා දෙන්නට සමත් වනු ඇති බවට බලාපොරොත්තු වෙන අතර එය ad blockers ලාව මග හරින්නට සැලසුම් වෙමින් ඇති බවකි. මීට අමතරව Youtube වල නව වෙනස්කම් කිහිපයක්ම සූදානම් වෙමින් ඇති බව කියවෙන අතර අනෙකුත් චැනලයන් අනුකරනය හා channel impersonation / personal impersonation බාදාවන ආකාර පලකිරීම් වලකන්නට කටයුතු කරන්නටද සූදානම් වන බවකි.
Pubudu Siriwansa