Microsoft වල Bing team එක තම Bing Chat chatbot ව්‍යාපෘතිය නිරන්තරයෙන් ඉදිරියට ගෙන යමින් සිටී. මේ වන විටත් Bing Chat වල කුඩා පිරිසක් අතරින් අත්හදා බැලෙමින් ඇති image recognition අංගය ඉතා ඉක්මනින් සාමාන්‍ය නිකුතුවක් වන්නට සූදානම් වෙමින් ඇති බවටයි නිවේදනය වන්නේ. මෙහිදී භාවිතා කරන්නෙකුට තමන් තොරාගත් Image එකක් Bing Chat වෙතට Upload කර ඒ පිලිබඳව බොහෝ තොරතුරු දැනගන්නට හැකි වන බවයි පැහැදිලි කෙරෙන්නේ. දැනට desktop users ලා අතර අත්හදා බැලෙන මෙම පෙර නිකුතුව ලගදීම Bing mobile භාවිතාකරන්නන් සදහාද සූදානම්ව පොඳු නිකුතුවක් ලෙසට පැමිනෙන බවටයි වාර්ථා වන්නේ.
Pubudu Siriwansa