Microsoft ආයතනය KB 3038357 හා 3037975 ලෙසට Windows 10 සදහා යවත්කාලීන දෙකක් නිකුත්කර ඇති බවට නිවේදනය වනවා. මින් එකක් Flash වල වන දුර්වලතාවයක් ඉලක්ක කරගෙන වන බවට පැවසෙන අතර අනෙක් යාවත්කාලීනයේ ඉලක්කය පිලිබදව තවමත් එතරම් තොරතුරු හෙලිව නැහැ. මීට අමතරව Microsoft වල සුපුරුදු මසික “යාවත්කාලීන අගහරුවාදා” සදහා මෙවරද නිකුතුව සිදුව ඇති අතර එහි වන KB 3001652 යාවත්කාලීනය ස්ථාපනයට කටයුතු කිරීමේ පරිගනකය locking up වීමේ ගැටලුවක් අත්විඳිමින් සිටින බවට වාර්ථා වෙනවා. මෙම සිදුවීම 2014 අගෝස්තුවේදී පැමිනි යාවත්කාලිනයක් සමග සිදුවූ BSOD තත්වය තරම් හානිකර ක්‍රියාකාරීත්වයක් නොගෙනෙන අතර hard reboot එකකින් ගැටලුව විසඳා ගන්නට හැකි බවටයි පැහැදිලි කෙරෙන්නේ.