වඩාත් ආරක්ශිත තොරතුරු භාවිතාවක් ලබා ගැනීමට උත්සාහ කිරීම තොරතුරු ලෝකයේ වන නිරන්තර අරගලයකි. විෂයෙහි වන වේගවත් අත්පත්කර ගැනීම් හමුවේ “අවසර පද “වැනි පෙර භාවිතාවන්ගේ කොතරම් සංකීන යොදා ගැනීම් උවත් ඉක්මවා යන්නට පහරදෙන්නෙකුට ගතව වේලාව වේගයෙන් අවම වෙමින් පැවතීමේ අභියෝගය ජය ගන්නට ඔවුන් නොක ආකාර ගත් විකල්පයන් නිරන්තරයෙන් හදාරමින් සිටී. biometric authentication යනු දැනට පිලි ගැනෙමින් ඇති සාර්ථක විකල්පයකි. Microsoft සමාගම තම Windows 10 සමග ගෙන ආ අංග සමග වන  Windows Hollo මෑත කාලීනව හදාරන්නන්ගේ ඉහල අවධානයක් දිනා ගත්තකි. සරලව පහදන්නේ නම් භාවිතකරන්නාගේ ජිව දත්ත අනුසාරයෙන් නිවැරදි භාවිතාකරන්නා බව තහවුරු කර ගැනීම එහි වන ලක්ෂනයයි.
මේ වන විටත් ප්‍රකාශයට පත්ව ඇති Lumia 950 හා  Lumia 950 XL සමග මෙම භාවිතාව  පැමිනීම ස්ථීර කරමින් එය demo කිරීම Lumia 950 XL මත සිදුවන වීඩියෝවක්ද නිකුත්ව තිබෙනවා. තවමත් බීටා තත්වයේ වන මෙය ඔස්සේ උපකරනයට පෙර පුහුනුවක් ලබා දීමෙන් අනතුරුව භාවිතාකරන්නාගේ eyes වල අනන්‍යතාවය කියවීමට එය සමත්වීම මෙහිදී භාවිතා වනවා.