මොබයිල් දුරකථන භාවිතාව තුල windows වෙතට තවමත් දිනා ගන්නට හැකිව ඇත්තේ 3%ක තරමේ අවම භාවිතාවකි. Apple මොබයිල් හා සැසදීමේදී (OS X)  මයික්‍රසොෆ්ට් මොබයිල් සිටින්නේ හත් අට ගුනයක් පසු පසින් බව මුත් ලොව ප්‍රකට පෙලේ  hacker නැතිනම් සයිබර් පහර දෙන්නෙකුගේ අදහස් උපුටන වාර්ථාවකට අනූව පැවසෙන්නේ ලොව ආරක්ශිතම මොබයිල් මෙහෙයුම් පද්ධතිය windows බවයි. පහලොස් වසරක තම අත්දැකීම් සමග අදහස් දක්වන Steve Lord පැහැදිලි කරන්නේ Windows Phone නිකුතූන් ‘toughest nut to crack’ ආකරයේ ඒවා බවකි.  කලකට ඉහතදී වන විට Blackberry ලොව ආරක්ශිතම මෙහෙයුම් පද්ධතිය ලෙසට සැලකුවද හා සමස්ථයක් ලෙසට සැලකීමේදී Android දුරකථනය වඩාත් පහසු ගොදුරක් ලෙසට සැලකෙන වර්ථමානයේ windows වෙතට මෙම ගෞරවය හිමිවන්නේ අඩු app අවකාශයක් මෙන්ම සංවෘත බවින් වැඩි මෙහෙයුම් පද්ධතියක් ලෙසට ලෙසට විමෙන් විය හැකි බවයි. Microsoft සමාගම තම මෙහෙයුම් පද්ධති බලපරාක්‍රමය මොබයිල් ලොව වෙතටද ගෙන යන්නට මහත් උත්සාහයෙන් කටයුතු කරමින් සිටින අතර තම Windows phone නව සස්කරනයක් එලබෙන නුදුරු කාලයේම නිකුතුවට සූදානම් වෙමින්  සිටින බවටයි වාර්ථා වෙමින් ඇත්තේ.