1995 අගෝස්තු 24 දා windows 95 නිකුත්කල දිනය ලෙසට සැලකෙනවා. Microsoft සමාගම මෙම නිකුතුව සමග MS-DOS හා ඔවුන්ගේ අනෙකුත්  Windows products එක අවකාශයකට ‍රැගෙන ආ බවටයි පිලි ගැන්නේ. එය windows වල පෙර සංස්කරනයන් වූ Windows 3.0 හා Windows 3.1 වලට අනූව සැලකීමේදී විශාල ඉදිරි පියවරක් ලෙසට එවකට සැලකෙනු ලැබුවා. එසේම මෙම නිකුතුව සමග 16-bit වල සිට  32-bit architecture වෙතට windows මෙහෙයුම් පද්ධති පැමිනීම සිදුකල බවටයි පිලි ගැන්නේ. මීට අමතරව ධාවනය වෙමින් ඇති වැඩසටහන් වල සබදතාවයක් taskbar වෙතට පැමිනීම, Desktop වෙතට files, folders හා applications වල සබදතා පැමිනීම මෙන්ම ධහවනය වෙමින් ඇති වැඩසටහන්  miniature icons ලෙසට හකුලවාලීමේ හැකියව වනවා. taskbar වෙතට volume controls, the time ආදියේ පැමිනීමද  “Start” button ඔස්සේ සමස්ථ පරිගණකය වෙතට පහසුවෙන් කැසිරවීමක් ලබා ගන්නට හැකිවීමද වනවා.  icons සමග කටයුතු කිරීම ඔස්සේ පරිගණක භාවිතාව පහසු  කරමින් සරල කරවාලිමද මීට අයත් තවත් අංගයක් වනවා. windows 10 සමග ආතයතනය නව දිසාවකට තම මෙහෙයුම් පද්ධති ගෙනයන මොහොතකදී තම මෙහෙයුම් පද්ධතිවල තීරනාත්මක ආදිතමයෙකුහේ සිහිකිරිම අපූරුකාරනයක් වන බවට හදාරන්නන් සදහන් කරන්නේ.