Microsoft වෙතින් එන Cortana නම් virtual assistant මෘදුකාංගයෙහි beta version එකක් මේ වන විට Android mobile devices වලට නිකුත්ව ඇති බවට නිවේදනය වනවා. Microsoft සමාගම තම තරග සගයන් වන Apple හි  Siri සහ Google Now සදහා තමන් වෙතින් නිකුත්වන voice commands හැකියාව ලෙසට මෙය පිලිගැනෙනවා. ආයතනය පැහැදිලි කරන්නේ PC හෝ Windows phone මතදී Cortana app වෙතින් වන සේවයට බොහෝ දුරට සමාන ක්‍රියාකාරකමක් මෙම නිකුතුව ඔස්සේ Android වෙතටද ලැබෙනු ඇති බවයි. ඒවා අතර setting හා reminders සකස් කර ගැනීම searching the web වැනි බොහොමයක් වනවා. එලබෙන යුගයේදී තොරතුරු උපාංග සමග භාවිතාකරන්නන්ගේ ප්‍රධාන සබඳතාවය virtual assistant ආකාරවලට වඩාත් සමීපවනු ඇති බවට දැනටමත් බලාපොරොත්තු පලවෙමින් තිබෙනවා. දැනට global smartphone market වල windows phone සියයට 2.5ක්ද සියයට 82ක් Android ද සියයට 14.2ක් Apple වල iOS වෙතටද හිමිව ඇති බවට නවතම තොරතුරු පවසනවා.