Microsoft සමාගම තම windows 10 සමග පිවිසෙන්නේ මෘදුකාංග සේවා ආයතනයක දෙසටය. තම හැරවුම windows 10 සමග වඩාත් සාර්ථක වෙමින් ඇති බවට මේ වන විට තහවුරු වෙමින් තිබෙනවා. ලොව පුරා windows 10 භාවිතාවන පරිගණක ප්‍රමානය මිලියන 50 ඉක්මවමින් ඇති බවටයි එම වාර්තා පවසන්නේ. Windows 7, 8 හා 8.1 වල සිට නොමිළේ win 10 වෙතට පිවිසීමේ හැකියාව මෙන්ම windows 10 සමග නැවත සුපුරුදු Desktop මුහුනත් ආකෘතියට වඩා ලංවීම පමනක් නොව නව බ්‍රවුසරය Edge අදිය සමග එලබෙන වසර දෙක තුන තුලදී ලොවපුරා භාවිතය උපාංග බිලියනය ඉක්මවීමේ ඉලක්කය වෙතට Microsoft සමාගම සාර්ථව ගමන් කරමින් සිටින බවටයි පෙනෙන්නට ඇත්තේ.
Microsoft සමාගම තම නව මෙහෙයුම් පද්ධතිය වෙතට Cumulative update 3 ද නිකුත් කොට තිබෙනවා. ඛ්භ්3081438 ලෙසට නම් වන මෙම යාවත්කාලිනය මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාකාරීත්වය මනාව කරන්නට සහය වනු ඇති බවටයි පැහැදිලි කරන්නේ. මීට පෙර පැමිනි යාවත්කාලිනය මෙහෙයුම් පද්ධතියේ ආරක්ශාව සම්බන්දයෙන් වූ අතර පලමු යාවත්කාලිනය ස්ථාපනය වීමේදී සමහර භාවිතාකරන්නන් හට ගැටලුකාරී බවක් අත්විඳින්නට සිදුවූ බවට වාර්තා වූවා.