Kaspersky යනු ලොව ඉහලම පිලි ගැනීමක් ලබා ගත් ආරක්ශක මෘදුකාංග සමාගම ලෙසට වන ගෞරවය වසර ගනනවක් පුරා ‍රැකගෙන සිටින ආයතනයකි. වඩාත්ම හා වේගවත්ම ආකාරයට හානිකරයන් හඳුනගැනීම හා ඒවා නිශ්ක්‍රියකර දමන්නට ඔවුන් සතු තාක්ශනය ගැන විස්වාශය තැබීම භාවිතාකරන්නන් අතින් බහුලවම සිදුවෙන්නකි. ආයතනයේ සේවයකල මහතුන් දෙදෙනෙකුගෙන් කෙරුන හෙලි දරව්වකින් පැවසුනේ ඔවුන් තම සමාන්තර ආරක්ශක මෘදුකාංග සමාගම් අතරට වයාජ හානිකර ලබ දෙමින් ඔවුන් නොමග යවන්නට කටයුතු කර ඇති බවකි. පැමිනෙන නව හානිකරයන් සදහා වඩාත් වේගයෙන් ප්‍රතිචාර දැක්වීම සදහා ආරක්ශක මෘදුකාංග සමාගම් අතර වන එකගතාවයක් ඔස්සේ තමන් සතුවන හානිකරයන් පිලිබදව තොරතුරු බෙදා හදා ගන්නට නිර්මානය කරගෙනා එති අවකාශයක් ඔස්සේ මෙම ආයතනය මෙම ව්‍යාජ හානිකරයන් බෙදා හැරීමට කටයුතු කර ඇති බවටයි ඔවුන් චෝදනා කෙරෙන්නේ. තත්වය වැඩි දුරටත් පැහැදිලි කරමින් ඔවුන් පවසන්නේ Kaspersky අයතනය හානිකරයන් හඳුනා ගැනිම සදහ භාවිතාකරන ක්‍රම වේදයන්ට සමාන ක්‍රමවේදයන් භාවිතාකරන්නට උත්සාහ කිරිමේදී එම ආයතනයන් අපහසුතාවයට පත්කරනු වස් මෙම පියවර ගෙන ඇති බවකි. Kaspersky ආයතනය මෙම තොරතුරු ප්‍රතික්ෂේප කරන  මුත් හදාරන්නන් පෙන්වාදෙන්නේ අරක්ශක මෘදුකංග සමාගම් අතරව වන විස්වාසනීය එකගතාවයට මෙයින් හානියක් ව ඇති බවයි.