Windows 11 සදහා 2023. දී feature updates තුනක් නිකුත් වන්නට නියමිත බව 2022 වන විටම නිවේදනය වී තිබිනි. ඒ අනූව පසුගිය පෙබරවාරියේදී Moment 2 පැමිනි අතර Moment 3 ඉදිරි සති කිහිපය තුල බලාපොරොත්තු වෙමින් තිබේ. Windows 11 සදහා මෙම වසරට නියමිත තෙවන අවසාන යාවත්කාලීනය Moment 4 ලෙසට features / quality දියුනු කිරීම් සහිතව version 23H2 ලෙසට නිකුත් වනු ඇති බවටයි උපකල්පනය වෙමින් තිබෙන්නේ. එය cumulative update එකක් ලෙසට හෝ enablement package එකක් ලෙසට පැමිනෙනු ඇති බවට බලාපොරොත්තු වෙමින් තිබෙනවා. එලබෙන වසරේ දෙවන භාගයේදී Windows “12” හෝ වෙනත් නමකින් Microsoft වල මීලග මෙහෙයුම් පද්ධතියේ නිකුතුවක් මේ වන විට බලාපොරොත්තු වෙමින් ඇති අතර එය වඩාත් AI මිත්‍ර ආකාරයක් ගනු ඇති බවට බලාපොරොත්තු වනවා.
Pubudu Siriwansa