වසර 2022 සැලකීමේදී Microsoft සමාගම තම නවතම operating system එක වූ Windows 11 සදහා ප්‍රධාන යාවත්කාලීන දෙකක් නිකුත් කරන්නට කටයුතු කරන ලදී. එනම් September යේ පැමිනි “2022 Update” -version 22H2 – නිකුතුව හා September පැමිනි “moment 1” ලෙසට ඒවා සටහන් විය. මේ වන විට Windows Central පවසන්නේ Windows 11 සදහා ප්‍රධාන යාවත්කාලීන තුනක් ගැන මේ වන විට තොරතුරු වන බවයි. මින් පලමු වැන්න February / March 2023 කාලය තුලදී “moment 2” ලෙසටත් වසර මැදදී “moment 3” ලෙසට නිකුතුවක් හා “moment 4” වසර අවසානයේ දීද නිකුතුවකට සූදානම් බවක් පල වෙමින් තිබෙනවා. මෙම සමස්ථ යාවත්කාලින පැමිනීම් වල දී වඩාත් ටැබ්ලට් මිත්‍ර බවක්, full-screen widgets බවක්, දියුනු කල energy efficiency බවක්, දියුනු කල දෘශ්‍ය මිත්‍ර බවක් ආදී බොහෝ නවතාවයන් ගැන මේ වන විට කරුණු හෙලි වෙමින් තිබෙනවා.
Pubudu Siriwansa