“Microsoft Validation OS” යනු සාමන්‍ය භාවිතාකරන්නන් සදහා නිකුත් කරෑත්තක් නොවේ. එය Command Line (CLI) මූලිකව ක්‍රියාත්මක වන්නක් වන අතර එය lightweight OS එකක්ද වේ. එය hardware / software vendors, developers, technicians වැන්නන් සදහා නිකුත් කර ඇති අතර ගැටළු හදුනා ගන්නට හා නිරාකරනයට පහසු කරවන අමතර මෘදුකොටස් බරින් තොරව නිර්මාණය කර ඇත. සාමාන්‍ය භාවිතාකරන්නෙකුටද අවශ්‍යනම් Windows Image (.WIM) file ගොනුවක් ලෙසට බාගත කරගත හැකි මෙහි නවතම සංස්කරණයක් මේ වන විට Microsoft වෙතින් නිකුත්ව ඇති බවටයි නිවේදනය වන්නේ.
Pubudu Siriwansa