Microsoft වලින් පසුගියදා ප්‍රකාශව තිබුනේ Windows 11 වල වැඩි ආරක්ශිත බව සදහා පදනම් වන්නේ දෘඩාංග ප්‍රමුක {hardware-based security} ආරක්ශිත බව ලෙසටය. එනම් Windows 10 සමග ප්‍රකාශව තිබුනු Windows 11 සමග අත්‍යාවශ්‍ය කෙරුනු Trusted Platform Module (TPM) නැතිනම් Secure Boot වැනි අංග නිසා බවයි. විටක Secure-by-default ලෙසට නම් කෙරෙන මෙම ආරශිත බව සැබවින්ම සමහර අවස්ථාවල bypassing ව තිබුනද හදාරන්නන් මේ ගැන තරමක විස්වාසයක් පලකරනු දක්නට ලැබිනි. කෙසේ වෙතත් Microsoft වලින් පලවන නවතම තොරතුරු පැහැදිලි කෙරෙන්නේ එලබෙන Windows 11 සංස්කරන වලදී තව තවත් chip-level protections ඉහලට ගෙනෙන්නට කටයුතු කරමින් සිටින බවකි. බොහෝ විට windows 12 වලදී Microsoft Pluton security co-processor හැකියාව මූලික අවශ්‍යතාවයක් වන්නට නියමිත බවටයි ඉගි පල වෙමින් ඇත්තේ.
Pubudu Siriwasa