ඔබේ Wi-Fi Network එක සුලබව පහර දෙන්නෙකුගේ ඉලක්කයක් විය හැකි බව හදාරන්නන් පවසයි. ඔවුන් යෝජනා කරන්නේ මෙම Wi-Fi hijackers ලා පහසුවෙන් මෙම උත්සහය ජයගන්නේ ඔබගේ නොසැලකිලිමත් කම නිසා බවය. මෙම පහර දෙන්නන් මේ දුර්වලතාය ඔස්සේ පැමින ඔබගේ මාසික දත්ත ගොනුව සොරාගන්නට තැත් කිරීම, ඔබගේ තොරතුරු සොරා ගැනීම ප්‍රමුක නෙක ආකාරවල හානීන් සදහා කටයුතු කල හැකි බවයි. හදාරන්න පවසන පලමු ආරක්ශක පියවර වන්නේ Wi-Fi router යේ default credentials වෙනස් කිරීම ඉතා වැදගත් බවයි. බොහෝ විට සම්මත එම මොඩලයන්ට පොදු පිවිසුම් නැතිනම් Login තොරතුරු පැමින තිබීම සිදුවන අතර එය වෙනස් කර ගැනීම වැදගත් වේ. දෙවන්න ලෙසට හදාරන්නන් පවසන්නේ අදාල සියලුම උපාංග යාවත්කාලීනව තබා ගැනීම වැදගත් බවයි. ඒ ඔස්සේ දැනට හදුනාගෙන ඇති ආරක්ශක සිදුරු පිලිසකරවීම සිදුවේ.
හදාරන්නන් යෝජනා කරන තවත් වැදගත් පියවරක් වන්නේ WiFi ජාලයට සම්බඳ වන laptop / desktop පරිගණක වල firewall හා anti-virus සංක්‍රියව තැබීම වැදගත් බවකි. බොහෝ ආකාරවල cyber-attacks වලින් දුරස්ථව ඉන්නට මෙම හැකියාව වැදගත් වේ. අනෙක් වැදගත් කාරනාවක් වන්නේ Wi-Fi router හැකීයාව අමුත්තෙකුට පිරිනමන අවස්ථාවලදී guest network එකක් පිහිටවා ගෙන ඒ ඔස්සේ කිරීම වැදගත් බවයි.අවසාන වශයෙන් සුපුරුදු පරිදි උපදෙස් ලැබෙන්නේ සරල හා පොදු මෙන්ම ඔබට ආවේනික දත්ත මත පදනම් වන අවසර පද භාවිතාව අනතුරු දායක බවයි.
Pubudu Siriwansa