Windows 11 සමග Microsoft ආයතනය තීරනාත්මක OS හැරවුමකට සූදානම් වන බවටයි ඉගි පලවෙමින් ඇත්තේ. සමහර විචාරකයින අනූව නව මෙහෙයුම් පද්ධතිය Mac OS වල නවතම සංස්කරනය වන macOS Monterey සමග සාර්ථක තරගයකට පිවිසෙමින් සිටින බවයි පැවසෙන්නේ. Microsoft සමාගම Windows 11 සමග ගෙනෙන නව දියුනු කිරීම් අතර multitasking, Start menu මෙන්ම taskbar වලට එක් කර ඇති නවතා කැපී පෙනෙමින් තිබෙනවා. එසේම Android App සදහා සහය දැක්වීමට සූදානම් බවද නව මෙහෙයුම් පද්ධතියේ ආකර්ෂනීය බව වැඩිකර තිබෙනවා. එසේම වින්ඩෝස් 11 සමග දියුනු කරන ලද touch support බවද කැපී පෙනෙමින් තිබෙනවා.
Pubudu Siriwansa