Microsoft සමාගම තම Windows 11 සදහා “Microsoft Defender Preview” එකක පිලිබඳව ඉගියක් පලවෙමින් තිබෙනවා. මෙම නව නිකුතුව සමග එම ආයතනය තම ආරක්ෂක මෘදුකාංගය simple, seamless, හා personalized protection” ලෙසට වඩාත් විහිදුනු භාවිතාවක් ගෙනෙනු ඇති බවට බලාපොරොත්තු පලවෙමින් තිබෙනවා. එම ආයතනය තම නව මෙහෙයුම් පද්ධතියත් සමග ආරක්ෂිත බව පිලිබඳව වඩාත් අවධානයක් යොමුකල බව දැනටමත් අප දන්නා අතර එහිදී TPM 2.0, VBS, Secure Boot, සුදුසුකම් ලබන ප්‍රොසෙසරයන් Mode-based Execution Control (MBEC) නැතිනම් Guest Mode Execute Trap (GMET) සදහා සහය දැක්විය යුතුව තිබෙන බව දක්වා සිටියා. දැනට භාවිතාවන Microsoft Defender සංස්කරනය windows 10 සදහා වන සංස්කරනයම වන අතර windows 11 සමහර භාවිතාකරන්නන් සදහා ගැටලුකාරී වන අවස්ථා ඇහි බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. කෙසේ නමුත් මෙම නව සංස්කරනය පිලිබඳව තවමත් ඇත්තේ ඉගි මට්ටමක වන අතර එලබෙන පෙර සංස්කරනයක් සමග පැමිනෙනු ඇති බවට බලාපොරොත්තු විය හැකියි.
Pubudu Siriwansa