මේ වන විට windows 11 වල බීටා සංස්කරනයක් අන්තර්ජාලය මතට පැමින තිබෙනවා. නිළ හමුවට දින කිහිපයක් තිබියදී පැමින ඇති මෙම සංස්කරනයට අනූව මයික්‍රසොෆ්ට් වල මීලග ප්‍රධාන මෙහෙයුම් පද්ධති සංස්කරනය windows 11 වීම වඩාත් විස්වාසනීය වෙමින් තිබෙනවා. එම අංස්කරනයට අනූව පෙනීයමින් ඇත්තේ නව මෙහෙයුම් පද්ධතියේ ස්ථාපන ක්‍රියාවලිය වඩාත් MacOS වලට සමාන ලක්ෂණ ඇති මුත් වින්ඩෝස් 7 වලට සමාන වම තිබෙන බවයි. Windows 10X වල වූ දියුනු කිරීම රාශියක් ද නව මෙහෙයුම් පද්ධතිය සමග වන බවට පෙනෙන අතර ස්ටාර්ට් මෙනුව මෙන්ම සර්ච්බාර් වැනි අංග පෙර මෙන් තිරයේ වම් පසට බරව නොව තිරය මැදට වන්නට පිහිටවා තිබෙනවා. කෙසේ වෙතත් ආයතනයේ නිල හමුවක් June 24 ට නියමිත අතර එදිනට බොහෝ තොරතුරු මුදා හරිනි ඇති බවට බලා පොරොත්තු වෙනවා.
pubudu siriwansa