ස්මාර්ට් මොබයිල් උපාංග සදහා ඇත්තේ ඉහලම ඉල්ලුමකි. ඒ නිසාම එහි යම් තැනක් දිනා ගැනීම සදහා තරග කරන්නෝද බොහෝය. ඒසේ වෙන වට එකි නෙක තරග කරුවාගේ අනන්‍යතාවය ඉහලින් තබා ගැනීම සදහා යෝදා ගන්නා උපංක්‍රමද විවිධය. මෙයින් ඉහලින්ම වන්නේ තම උපාංගයේ නිමැවුම මෙන්ම අඩංගු තාක්ෂණයන් ඔස්සේ ඔවුන් තරග කිරීම බව සදහා උදාහරන බොහෝය. සමස්ථ නිමැවුම නැතිනම් උපාංගයේ හැඩය මෙන්ම වර්ණ පිලිබඳව දැඩි අවධානයක් තිබීම දැකිය හැක. ප්‍රීමියම් ලුක් එකක් ලෙසට මේ අංග වල සමස්ථය ගොනුකල හැක. එසේ පමනක් නොව උපාංගයේ බර මෙන්ම අතැගිලි අතරට දැනෙන ආකාරය විචාරය වනු පෙනේ. වැදගත්ම අංගයක් ලෙසට උපකරණයේ තිරයේ ප්‍රමානය, එහි පැහැදිලි බව ඉතා වැදගත් වේ.
දෙවන තලයේදී හොඳ මට්ටමක ප්‍රොසෙසරයක්, චිප් සෙට් එකක් සමග ‍රැම් බලයක්ද ස්ටෝර් හැකියාවක්ද කථා බහට ලක් වේ. උපකරණයේ කැමරාව තවත් ප්‍රදේශයකි. නිශ්චල මෙන්ම වීඩියෝවන් සදහා කැමරාව සූදානම් මට්ටම බොහෝ සේ උපාංග විචාරයේදී ප්‍රධාන තැනක් ගනී. වැඩි සුපැහදිලි කමක් සහිත මෙන්ම වර්ණ සංයුතිය, විෂය වස්තුවල ගැබුර හා පිලිවල මනව ග්‍රහනය කර ගැනීම අවධාණයට ලක්වන තවත් ප්‍රධාන දෑ කිහිපයකි.
මේ සියල්ල අතරින් සැබෑවටම අවධානයට ලක් කල යුත්තේ මිලඳී ගන්නාගේ අවශ්‍යතාවයේ සීමාවය. බොහෝ විට අප මුදල් ගෙවන්නේ අපගේ සැබෑ අවශ්‍යතවයන් සදහා නොව වෙළඳ පොල විසින් නිර්මාණය කර දෙන මෝස්තරයන් සදහා බවද අමතක නොකල යුතුය.
pubudu siriwansa