Windows 10 යනු තවමත් සම්පූර්නයෙන්ම නිරාවරනය නොවූ පැමිනීමක් වේ. මෙම වසරේ දෙවන භාගයේදී පමන අවසාන නිකුතුවක් බලපොරොත්තුවන තවමත් පෙර සංස්කරන මට්ටමේ අත්හදා බැලෙමින් තිබෙන මෙහෙයුම් පද්ධතියක් ලෙසට එය සැලකිය හැකිය.windos8 සමග විසුරුනු DeskTop මිත්‍රබව නැතිනම් Start මෙනුව මූලික DeskTop මිත්‍ර බව යලි පැමිනීම සමග Cortana නැතිනම් වාචික මෙහෙයවීම් මිත්‍රබව මූලික වඩාත් බලවත්කරන ලද Action Center අංගය, පහසු භාවිතයට සහය වෙමින් වඩාත් එක්තැන්වන PC Settings අංගය, Continuum feature සමග උපාංගයේ දෘඩාංග හැකියාව අනූව ස්වංක්‍රීව සැකසීමේ හැකියාව ඇතුලු නව මෙන්ම දියුනු කරන ලද පැමිනීමක් එසට දැනටමත් බලාපොරොත්තු පලව ඇත. එසේම Phone , Tablet වැනි අනෙකුත් උපාංග සමග වඩාත් මිත්‍ර පරිසරයක් Windows සමග පැමිනෙන බවට පලවන අතර universal apps වැනි භාවිත්ගාවන් එය වඩාත් ශක්තිමත් කරනු ඇත. ඊටත් අමතරව ie බ්‍රවුසරය සමග භාවිතාකරන්නන් අතර වූ නොසතු‍ටු අංගයන් ඉවත්කරමින් ඔවුනගේ නව බ්‍රවුසරයක හඳුන්වා දෙමින් Spartan නම් නිකුතුවක් නිවේදනය වන අතර එය දැනට වඩාත් ජනංප්‍රිය බ්‍රවුසර භාවිතාවන්ට වඩාත් සමීප වන අත්හ්දැකීමක් ගෙනෙනු ඇති බවටයි පොරොන්දුව ඇත්තේ. windows වල අනාගත ප්‍රවනතාවන් පිලිබදව ඉගියක් දෙමින් නිවේදනය වූ Windows Holographic පිලිබදව මේ වන විට හදාරන්නන් අවධානය පලකර මින් සිටින අතර අනාගත භාවිතාව මොනිටරයෙන් ඉවතට පැමිනීමේ පෙර සලකුනක් ලෙසටද ඒ පිලිබදව කථාබස් වෙමින් තිබෙනවා. Desktop භාවිතාව ශ්‍රව්‍ය දෘශ්‍යව පිටතට පැමින වෙනත් ආකාරයකට ජංගම කිරීමක් පිලිබ්දව මේ වන විට හෝඩුවාවන් පලවෙමින් තිබෙන බවටයි පෙනෙන්නට ඇත්තේ.