තොරතුරු ලෝකයේ නිදහස් ගලායාම සදහා නෙක ආකාරගත් අවහිරයෙන් විටින් විට විවිධ රටවලින් පලවීම සාමාන්‍ය ක්‍රියාවක්ව ඇත. ඇමරිකානුවන්ගේ තොරතුරු අනවසරයෙන් එක් ‍රැස්කරන බවට වූ චෝදනාව පසුගිය කාලයේ මහත් අවධානයක් ලබා ගත්කාරනාවක්ව පැවතුනි. චීනය මෙවන් ගැටලු සදහා නිරන්තරයෙන් කියවෙන නමකි. පලවන නවතම තොරතුරු හෙලි කරන්නේ Facebook, Twitter , Tumblr වැනි සමාජ ජාලා සදහාද තම Great Firewall of China ක්‍රියාත්මක කරවීම අරබා ඇති බවකි. පසුගිය දින වලදී චීනය Google services වලට එරෙහිවද තම e වාරනයන් ගෙනෙන්නට කටයුතු කල අතර එරට සමහර පුරවැසියන් මෙම බාදකය ජය ගැනීම සදහා VPN ආකාරයේ භාවිතාවන් සදහා කටයුතු කරන්නට පුරුදුව සිටි මුත් පලවන නවතම තොරතුරු පැහැදිලි කරන්නේ එරට රජය තම censorship system වල නව දියුනු කිරීම් සමග ඒවා bypassing හැකියාව අවම කර දමන්නට සමත්ව ඇති බවකි.