Microsoft සමාගම මේ වන විට Windows 10 සදහා දිගු අනු නිකුතූන් පෙලක් ගෙනැවිත් තිබේ. ආයතනය පැහැදිලි කරන්නේ ඉදිරියේදී වසර කිහිපයක් සදහාම Windows 10 සමග තම ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය ලෙසට කටයුතු කරන්නට තමන් සූදානම් වන බවයි. පැවති නව සංස්කරන පැමිනීමේ වේගය මදක් අඩාල කොට වේගයෙන් පුලුල් වන විවිධ උපාංග සමග සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව සමග ඉදිරියට යන්නට කටයුතු සැලසුම් වෙමින් ඇති බවටයි එම තොරතුරු පැහැදිලි කෙරෙන්නේ. 2016ට සැලසුම්ව ඇති Redstone සංස්කරනය පැහැදිලි කරන ඔවුන් විස්තර කරන්නේ Windows 10 සමග සැලසුම්ව තිබූ මුත් කාර්ය බහුලත්වය සමග මග හැරුනු සමහර අංගයන් සමග නව අංගයන් රාශියක් මෙම මෙගා යාවත්කාලීනය සමග වන්නට නියමිත බවකි.
මීලග බ්‍රවුසර නිකුතුවක් ලෙසට දැනටමත් ආයතනය නිවේදනය කර තිබෙන Edge විවෘත මෘදුකාංගයක් ලෙසට නොපැමිනෙන බවත් මුත් එය වඩාත් නම්‍යව සියලු ෆැලැට් ෆෝම් සමග වඩාත් සහයෝගයෙන් කටයුතු කරන්නටත් වඩත් තරගකාරී බ්‍රවුසර අත්දැකීමක් භාවිතාකරන්නාහට ගෙනෙන්නටත් සූදානම් බවටත් මේ වන විට කරුනු හෙලිව තිබෙනවා.