හදාරන්නන් Rombertik නම් නව හානිකරය පැහැදිලි කරමින් පවසන්නේ සාමාන්‍යයෙන් හානිකරයක් හමුවූ විට ඔවුන් සතු මෘදුකාංග ඔස්සේ එහි හැසිරීම හොඳින් නිරීක්ශනය කරමින් ප්‍රතිනාශකයක් සදහා අවකාශ නිර්මානය කර ගැනීම වූවද මෙහිදී එම ක්‍රමවේදය අවලංගු වන්නේ එම හානිකරය එවන් ආරක්ශක මෘදුකාංගයක් දු‍ටු විගස ස්වංව විනාශ වීමෙ හැකියාවකින් යුතුව පැමින ඇති නිසා බවයි. Cisco ආයතනයේ හදාරන්නන් පිරිසක් පවසන්නේ එම හානිකරය Master Boot Record (MBR) මකා දැමීම ඔසේ පරිගනකය නැවත නැවතත් reboot වීමක් පෙලකට පිවිසේන් බවයි. එසේම මෙම හානිකරය sandboxing tools මග හරින්නටද සමත්වන බවට පවසා සිටිනවා. ප්‍රකට හදාරන්නකු වන Graham Cluley පැහැදිලි කරන්නේ මේ ආකාරයට ස්වංව විනාශවීමේ හැකියාවෙන් යුත් හානිකරයන් දුර්ලභ බවකි.