Microsoft සමාගමේ මීලග ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය Windows 10 වල පෙර සංස්කරන පෙල භාවිතාකරන්නන් සදහා එම ආයතනය හදුන්වා දුන් වැඩ සටහන Windows Insiders ලෙසට නම් කර ඇත. මේ වැඩසටහන යටතේ ලියාපදිංචිව තවමත් අත්හද බැලීමේ මට්ටමේ ඇති මෙම මෙහෙයුම් පද්ධතිය භාවිතාකරන්නට මේ වන විට මිලියන 1.5ක් එක්ව ඇති බවටයි නවතම වාර්ථා පැහැදිලි කරන්නේ. එසේම එම වාර්ථා පැහැදිලි කරනවා 450,000 ක පිරිසක් “highly active” මට්ටමින් මෙම අත්හදා බැලීම් සමග එකව ඇති බව. මෙම අත්හදා බලන්නන් සමග Microsoft සමාගම ලබා ගන්නා වාර්ථවල වන දුර්වලතා මෙන්ම රලු හැසිරීම් අවස්ථා නැවත හදාරමින් ගෙවී ගිය කාලයතුල නැවත සැකසීම් 1300ක් පමන පිලිසකර කරන්නට තමන් කටයුතු කර ඇති බවටයි පැවසෙන්නේ. පෙර වාර්ථා සමග සැසදෙන මෙම නව වාර්ථා හෙලි කරන්නේ Microsoft සමාගමේ මීට පෙර මෙහෙයුම් පද්ධතිවල පෙර නිකුතූන් සමග කටයුතු කරන්නට සහභාගීවූ භාවිතාකරන්නන් සමග සැසදීමේදී Windows 10 වෙතට කැපී පෙනෙන ආකර්ශනයක් පල වෙමින් ඇති බවකි. මෙහෙයුම් පද්ධතිය තුල මෙන්ම UI වලද නව වෙනස්කම් රාශියක්ම මෙවන විටත් හඳුන්වා දෙන්නට ආයතනය කටයුතු කර ඇති අතර නව OneDrive icon පැමිනීම මේ අතර නවතම හඳුනා ගැනීම ලෙසට හදාරන්නන් පෙන්වා දෙමින් සිටිනවා.

Preview-Usage-History-1024x555