Microsoft සමාගම තම windows 10 සමග වන ආරක්ෂිත බව ගැන පැහැදිලි කර සිටිනවා. තම මෙහෙයුම් පද්ධති පෙල අතරින් මීට පෙර වඩාත්ම ස්ථාවර වූ මෙහෙයුම් පද්ධතිය වන windows 7 සැලකීමේදී නව මෙහෙයුම් පද්ධතිය වන windows 10 ඉතා ඉහල අරක්ෂිත බවක් ප්‍රකට කරමින් සිට්න බවට සාධක රාශියකි. මෙහෙයුම් පද්ධතියකින් පිටතට විවර වන ප්‍රධාන කවුලු ලෙසට සැලකිය හැකි “app” ස්ථාපනයේදී “windows app store” වෙතට පමනක් සීමා වීම සාමාන්‍ය භාවිතාවේදී ඉහල ආරක්ෂිත බව වඩාත් තහවුරුව සදහා එම “app” වල ප්‍රමිතිය පිලිබඳව නිරන්තර අවධානය මින් එකක් වන අතර නවතම වැඩි දියුනු කරනලද ‘Edge” බ්‍රවුසරය සමග වන “sand box” වැනි තාක්ෂනික උපංක්‍රමද අවධානයට ලක් වෙමින් තිබෙනව. win 7 සමග සැසදීමේදී මෑතදී වඩාත් අවධානයක් ලබ ගත් ransomware වැනි හානිකරයන් සමග කටයුතු කිරීමේදී windows 10 වඩාත් ඉදිරියෙන් වන බවටයි පැහැදිලි කෙරෙන්නේ. Windows Defender Application Control, Credential Guard, හා Windows Defender System Guard (Secure Boot) වැනි අංගයන් මේ සදහා වඩාත් දායක වන බවටයි පැහැදිලි කරන්නේ. වැඩිදුරටත් ඔවුන් පැහැදිලි කරන්නේ multi-layered defense හැකියාවේදී මෙහෙයුම් පද්ධතියේ පදනමේ සිටම වැඩි අවධානයකින් ගොඩ නගා තිබීම මෙන්ම ලේයර කිහිපයකින් එය ගොඩනගා තිබීම මෙන්ම වඩාත් අත්හදා බැලීම් වලට ලක් කරමින් වෙගයෙන් යාවත්කාලීන කිරීම වැදගත් වන බවයි.
Pubudu Siriwansa