මේ වන විට Microsoft ආයතනය පවසා සිටින්නේ Windows 10 යනු Windows නිකුතූන් පෙලෙහි අවසාන සංස්කරනය වීමට නියමිත බවකි. ඒ අනූව මෙතෙක් පැමිනි වසර කිහිපයකට වරක් වන Windows සංස්කරනයන් පැමිනීම අවසන්ව ඉදිරි බොහෝ කාලයක් සදහා Windows 10 සදහා ප්‍රධාන යාවත්කාලීන ඔස්සේ මෙහෙයුම් පද්ධතිය වඩාත් කාලීනව තබා ගන්නට සහය වනු ඇති බවටයි නිවේදනය වන්නේ. මෙය ක්ශනික තීරනයක් නොවන අතර ක්‍රමයන් පසුගිය කාලය ඔස්සේ Microsoft ආයතනය තම ආයතනය ගමන් මග වෙනස් කරමින් පැමිනි ගමනක තීරනත්මක පියවරක් ලෙසට විචාරකයින් පෙන්වා දෙමින් සිටිනවා. කලින් මෘදුකාංග සමාගමක් ලෙසට පැවති ආයතනය පසුගිය කාලයේ සේවා හා භාන්ඩ ආයතනයක් ලෙසට නැවත අර්ථ දක්වා ගන්නට කටයුතු කල අතර වේගයෙන් විශාල වෙමින් ඇති තොරතුරු උපාංග අවකාශය වෙතට වඩාත් සමීපවන්නට කටයුතු කරමින් සමහර ජංගම උපාංග සදහා තම මෙහෙයුම් පද්ධතිය නොමිළේ ලබා දෙන්නට මෙන්ම Windows 10 සදහාද win 7 හා win 8 වල සිට නොමිළේ පිවිසෙන්නට කටයුතු කරන බවට දැනටමත් නිවේදනය කර තිබෙනවා.