app භාවිතාවත් සමග භාවිතාකරන්නාගේ තොරතුරු පිලිබදව වන පාලන හැකියාව යම් ප්‍රමානයකට ගිලිහෙමින් ඇති බවට එල්ලවන චෝදනා බොහෝය. එම app නිර්මාණය කරන්නන්ගේ කැමැත්ත අවශ්‍යතාවය මත එය ස්ථාපනය කරන්නන්ගේ තොරතුරු ලබා ගන්නට වූ හැකියා අවකාශය පැමිනෙමින් ඇති Android ‘M’ සංස්කරනය සමග බොහෝ දුරට පාලනය වනු ඇති බවටයි මේ වන විට බලාපොරොත්තු පලවෙමින් ඇත්තේ. මෙම මස අගට නියමිතව ඇති ගූගල් I/O developer හමුවේදී Android ‘M’ නිකුතුව නිවේදනය වීමට නියමිත අතර එහිදී බොහෝ app නොමිලේ භාවිතයට පැමිනෙන බව පෙන්වුවද භාවිතාකරන්නන්ගෙන් contacts, photos හා location තොරතුරු අනවසරව ‍රැස්කර ගන්නට ලබා ගන්නා ඉඩකඩ වඩාත් පාලනය කිරීමේ හැකියාව එම මෙහෙයුම් පද්ධතියත් සමග භාවිතාකරන්නා වෙතට පැමිනෙන බවටයි දැනට හෙලි වෙමින් ඇත්තේ.