Microsoft වෙතින් නිවේදනය වන්නේ තම windows 10 පලමු සංස්කරනය (1507) වෙතට සහය දැක්වීම May 9, 2017 වන විට අවසන් වන බවය. පෙර දී මාර්තු 26 දිනට නම් කර තිබූ මෙම සැලසුම් ඉදිරියට ගෙනැවිත් මෙම දින දක්වා කල්දමා තිබිනි. සාමාන්‍යයෙන් සෑම මසකම දෙවන අඟහරුවාදා Microsoft ආයතනය තමන් සහය දක්වන සියලුම මෙහෙයුම් පද්ධති සදහා cumulative update නිකුත් කරන අතර පෙර කී සංස්කරනය සදහා අදාල යාවත්කාලීන පැමිනීම මෙම දිනයෙන් අවසන් වන බවටයි ඒ අනූව සටහන් වන්නේ.
windows 10 -1507- භාවිතාකරන්නන් මේ අනූව තම මෙහෙයුම් පද්ධතිය ඉහල සංස්කරනයක් සදහා upgrade කර ගන්නට සිදුවන අතර මේ සදහා එම ආයතනයෙන් නොමිලේ ලැබෙන Update Assistant වැනි මෘදු ටූලක් ඔස්සේ හැකිවනු ඇත. නැතිනම්  පි‍ටුව වෙතට පිවිසීමෙන් ඒ සදහා අවශ්‍ය පහසුව ලබ ගන්නට හැකි වනු ඇත. එම ආයතනය වැඩි දුරටත් පවසා සිටින්නේ සහය නොදැක්වුවද එම පලමු windows 10 සංස්කරනය ඉදිරියටත් භාවිතාකරන්නට හැකි වුවද ආරක්ශක යාවත්කාලීන නොලැබීම තුල හානිකරයන් වෙතට විවරවීමේ අනතුර පවතින බවය.