Microsoft ආයතනය Windows 10 සමග Windows Hello හඳුන්වා දෙමින් වඩාත් ආරක්ෂිත පිවිසීමක් භාවිතාකරන්නා හට ගෙන එන්නට කටයුතු කරමින් සිටී. සරල අවසර පදයක සිට සැලකීමේදී බොහෝ දුර පැමින විත් ඇති බව රහසක් නොවේ. එම නව තාක්ශනයන් සමග face නැතිනම් ඔබේ fingerprint වැනි ක්‍රම වේද ඔස්සේ වඩාත් සංවේධී ආකාරයට අනන්‍යතාවය විමසන්නට හැකි වනු ඇත.
පලවන නවතම තොරතුරු හෙලි කරන්නේ Microsoft ආයතනය තම තාක්ෂනයන් තවත් ඉදිරියට ගෙන යමින් ඉල්ලීමක් කර ඇති නවතම පේටන්ට් බලපත්‍රයකට අනූව ඔබේ ඇස පිරික්සීම ඔස්සේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම වඩත් සංකීර්න පියවරකට යමින් සිටී. එනම් කෝන කිහිපයක් ඔස්සේ භාවිතාකරන්නාගේ ඇස පිරික්සමින්, උදාහරනයක් ලෙසට ඡායාරුවක ඇස හා සැබෑ ඇස වඩා පැහැදිලිව තහවුරු කරගන්නට හැකිවන තාක්ශනයකට පිවිසෙන්නටය. මේ ඔස්සේ වැඩි දත්ත ප්‍රමානයක් ඔස්සේ තම භාවිතාකරන්නා හඳුන අගන්නට උපංගය සමත්වන වා සේම ව්‍යාජ ලෙසට සැකසූ ක්‍රමවේද වඩාත් සාර්ථකව මගහරින්නට සමත් වනු ඇති බවටයි පැවසෙන්නේ.
කෙසේ වෙතත් නුදුරු අනාගතයේ මෙම තාක්ශනය භාවිතයට නොයෙනු ඇති මුත් එසේ වැඩි ආරක්ෂිත බවක් ඔස්සේ භාවිතාගේ අනන්‍යතාවය සුරක්ෂිත වීම කාගේත් සිත්ගන්නා සුලු පියවරක් වනු ඇත.