තොරතුරු වෙළඳ පොලෙහි සමස්ථ ආකෘතියම නව මුහුනු වරක් වෙතට චලනය වෙමින් තිබෙන යුගයක අප වෙසෙන්නෙමු. ප්‍රතාපවත් DeskTop ආකෘතිය පහසු ජංගම උපාංග අතරට එන්නට කටයුතු කරමින් සිටී. පරිගණකයේ දෘඩ තැටිය මත සිටිමින් භාවිතාවන් ගෙනා මෘදුකාංග ස්වරූපය Cloud මූලිකව සේවා ස්වරූපයකට හුවමාරුන් වෙමින් තිබේ. තමන්ගේ නිෂ්පාදනයන් සදහා වන වෙළඳ පොලෙහි මෙසේ මූලික ආකෘතියෙහි වන වෙනස ආයතනයන්ටද වෙනසකට ආරාධානා කරයි. Microsoft ආයතනය අඟල් 9ට අඩු උපාංග සදහා තම මෙහෙයුම් පද්ධතිය නොමිළේ ලබා දෙන්නට මෙම වසර මුල් භාගයේ තීර්නය කරන ලද්දේ මේ නිසා විය හැක.
පැමිනෙමින් ඇති Windows 10 සදහාද නොමිළේ නිකුතුව සිදුවන්නට ඉඩ ඇති බවට මේ වන විට නොනිල තොරතුරු හෙලි වෙමින් තිබේ. එම තොරතුරු පැහැදිලි කෙරෙන්නේ මූලික මෙහෙයුම් පද්ධතිය නොමිළේ පැමිනෙන අතර ඒම මෙහෙයුම් පද්ධතිය සදහා වන අමතර මෘදුකාංගමය අංග සදහා මිලදී ගැනීමේ හැකියාවක් ලබා දීම ඔස්සේ මෙම නව ආකෘතිය Microsoft ආයතනය වෙතට ලාභ උපයා දීමේ කාර්යභාරය සිදුකර දෙනු ඇති බවටයි පැහැදිලි වන්නේ.දැනට මත මෙම ආකෘතිය Appple ආයතනයේ සිදුවෙමින් පවතින අතර නොමිළේ පැමිනෙන මෙහෙයුම් පද්ධතොය ඔස්සේ තම මෘදුකාංග තලයට වඩාත් පාරිභෝගිකයන් කැදවා ගන්නට හා තම උපාංගය ඔස්සේ වඩාත් සුවපහසු භාවිතාවන් සදහා පමනක් අමතර ගෙවීම් කරන්නටත් සිදු වනු ඇත.