Windows 10 වල phones සදහා වන Technical Preview build 8.15.12492.41 නිකුතුව මේ වන විට ආයතනය අභ්‍යන්තරිකව අවසන් වටයේ අත්හදා බැලීමේ මට්ටමින් තොරාගත් දහසක් දෙනා අතරට නිකුත්ව ඇති බවටයි තොරතුරු හෙලි වන්නේ. මීලග පියවර වනු ඇත්තේ සාමාන්‍ය භාවිතාකරන්නන් අතරට එහි අත්හදාබැලීමේ පෙර සංස්කරනයක් පැමිනීම වනු ඇති බවට බලාපොරොත්තු වනවා. සියලුම උපාංග අතරට පැමිනෙන Windows 10 මෙහෙයුම් පද්ධතියක් පිලිබදව Microsoft සමාගම බලාපොරොත්තු පලකර තිබූ අතර භාවිතාකරන්නන් අතරද මෙම නව නිකුතුවේ පැමිනීම පිලිබදව දැඩි උනන්දුවක් වන බවටයි පැහැදිලි වන්නේ. Microsoft සමාගම smartphone market වල බෙහෙවින් පසුගාමී ස්ථානයක තවමත් සිටින අතර සංක්‍යාත්මකව එය 3%ක තරම් අඩු අගයක වීම ආයතනය වෙතට අභියෝගයක්ව තිබෙනවා. ආයතනය Windows 10 සමග මෙම අභියෝගය සදහා සාර්ථකව මුහුන දෙන්නට උත්සාහ කරනු ඇති බවටයි බලා පොරොත්තුව වන්නේ.