Android යනු බහුලතම භාවිතාවක් ඇති මොබයිල් මෙහෙයුම් පද්ධතිය ලෙසට පිලිගැනේ. එය Android පිලිබදව වන වඩාත්ම ධනාත්මක කාරනාව වන විට ගැටලුතම කාරනාව වන්නේ එම මෙහෙයුම් පද්ධතියේ නවතම සංස්කරනයන් එවායේ උපාංග වෙතට පැමිනෙන්නට ගතවන වැඩිකාලයයි. පලවන නවතම වාර්ථා පවසන්නේ Lollipop සංස්කරනය නිකුත්ව මාස තුනක් ගතවෙමින් ඇති විටත් Android devices අතර භාවිතාව තවමත් 1.6% තරම් අඩු අගයක පවතින බවයි. පසුගිය ඔක්තෝබරයේ මැද මෙම නිකුතුව සිදුවූ අතර පසුගිය මාසය වන විටත් Lollipop භාවිතාව 1%ක් තරම් අඩු අගයක පැවතීම සැලකීමේදී ඉතා සෙමින් එය භාවිතයට පැමිනීම සිදු වෙමින් ඇති බවකි. Android වල Android 4.4 (KitKa) මෙහෙයුම් පද්ධතිය සැලකීමේදී 39.1% සිට 39.7%දක්වා වන සුලු භාවිතාව වැඩි වීමක් දක්නට ලැබෙන බවටයි එම වාර්ථව වැඩි දුරටත් පැහැදිලි කර සිටින්නේ. කෙසේ නමුත් අනෙකුත් පැඑරනි සංස්කරන ක්‍රමයෙන් අඩු භාවිතාවක් ලබා ගනිමින් සිටින බවටයි දැක්වෙන්නේ